දියට බසින්නට කලින් කැස්බෑ මව පැටියාත් පිට උඩ තියාගෙන ගොඩැල්ලක් මතට වී මඳ වේලාවක් බලා සිටියා. මව පසුපාදවලට බර දී ඉදිරි පාද නිදහසේ දෙපසට විහිදෙව්ව පිහිනුම් ඉරියව්වක දී වගේ. ඒ දෙස බලා ගෙන සිඟිති කැස්බෑ පැංචාත් මවගේ පිට උඩ ඉඳන් ඉස්සරහ ගාත් දෙක දෙපසට විහිදෙව්වා හරියට ළය ආර පිහිනුම් ඉසව්වට තරඟ කරනවා වගේ. ආදරබර මොහොතක්: පුංචි කැස්බෑවා අම්මා අත් චලනය ...
↧