අපේ මතකයේ යට හැංඟිලා තියෙන එච්චර වැදගත්කමක් නැති දේවල් සමහර වෙලාවට එකපාරටම උඩට එනවා නේද? සමහරවිට එහෙම වෙන්නේ මොකක් හරි දෙයකින් ඒ මතකය නැවත උත්තේජනයවීම හින්දා වෙන්න ඇති, එහෙම නැත්තං ඒක නිකම්ම නිකං අහඹු සිදුවීමක් වෙන්නත් පුළුවන්.අද කියන්න යන මේ කතන්දරේට සම්බන්ධ සිද්ධිය හදිසියේම මගේ මතකයට ආවේ ඇත්තටම ඇයි කියලා මට තාම හිතාගන්නට බෑ.අර මං කලින් දවසක ලියපු කූණිස්සෙකුගේ මතකය ...
↧