ආලෝකය කිසි විට ඇතුළින් නැඟුණේ නොවේ ඉතාමත් අඳුරු හාත්පසකින් පැන නැඟ නිසි තැන ඉල්ල ඉල්ලා සටන් කර ඇතුළතම නතර වූයේ වෙයි ප්‍රේමයද ඇතුළතින් ඇති වූයේ නොවේ බොහෝ අය අතර තැලී පෙළී නොසලකා හැරීමෙන් සීරී ලේ ගැලූ මතුපිටකින් ඉපදුනේ වෙයි කිසි විට ඇතුළතක නොරැදෙයි පසුබිමින් මතුව පසුබිමක සැඟව යයි ...