අල්මඩිත්තට හිරු හිනාවෙයිඋදෑනැක්කෙම එකහෙලා.කෙහෙල් දල්ලට පාට වෙන්නටකුඹුරු යායම සැරසිලා.කන්ද මුදුනේ ලන්ද අස්සෙන්ගලන හීතල වතුර පාරකි.වක්කඩේ කැඩුවම ලියැද්දටඉහේ පීදුනු මල් හිනාවකි.මැටි ගසා අතු හෙවිල්ලා ඇතසිරිපාල මාමගේ පැලේ.සුද්ද කළ පොල්කටුව පිල උඩවතුර බොන්නට උඩ ඇලේ.කෙහෙල් මණ්ඩිය හිනාවෙනවාහීත හුළඟට අත් වනං.ඇතේ වෙල්ගොටුකොළත් ඉරමුසුනියර මත්තේ ඇති තරං.යාය ඉහළින් ගලා යන ඇලකිතුල් පතුරක ගෙනල්ලා.පීල්ලෙන් වැටෙනා වතුර ටිකවිඩාවට පිළියම වෙලා.අල්මඩිත්තට අද ගියපු මට බලන්නට මෙය සුරපුරක්.ඒත් ...
↧