තට්‍ටු කර තට්‍ටු නොකර හැම විට ඇතුළු වන මිල අධික දොරෙන් මෙපිටක මට දැනේ හිරිහැරය නොසිතාම සිදු කරන ඔබ ලකුණු කළ සිතියමක් මෙන් නොවෙනස්ව සෑම රටක්ම නිශ්චිත තැනක රදවගෙන මම අලුතින් සොයා ගත් දූපත ඒත් ඉක්මනින් ගිලෙන මට දැනේ ඒ ඔබේ හිරිහැරය තට්‍ටු කර තට්‍ටු නොකර ඇතුළු වන්නට හදන දොරෙන් මෙපිටක සිටම ...