Google සමාගම මේ වසරේ දී සිය 15 වන සංවත්සරය සමරනු ලැබුවා. සෙවුම් යන්ත්‍රයකින් ආරම්භ වී මේ වන විට අන්තර්ජාලයේ සෑම අස්සක් මුල්ලක් නෑරම ආවරණය වන පරිදි සිය අණසක පතුරවන්නට Google සමාගමට හැකිව තිබෙනවා. Apple, Facebook සහ Amazon වැනි තාක්ෂණික ලෝකයේ දැවැන්තයින් අතරින් Google පමණයි මෘදුකාංග (Software) වලට පමණක් සීමා නොවී දෘඩාංග (Hardware) අංශය, සමාජ ජාලය (Social Networking), අන්තර්ජාල වෙළඳාම සහ ...
↧